ජනපතිට මිහින්තලෙන් “මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි” ගෞරව නාමය….!

June 10, 2025 at 6:54 pm | by emanisa.lk

ජාතික පොසොන් උත්සවයට අනුරාධපු මිහින්තලේ රජමහා විහාරයට පැමිණි ජනාධිපති අනුර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමි ගෞරව නාමයක් පිරිනමයි.

ඒ අනුව මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට “මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි” ගෞරව නාමය පිළිගැන්විය.

අනුබුදු දහමින් ලොවම නිවේවා යන තේමාව යටතේ මෙවර ජාතික පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. මෙවර පැවැත්වෙන්නේ 2,333 වැනි රාජ්‍ය පොසොන් උත්සවයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *