ලුනු කිලෝව රු. 250ට විකුණන්න හැදුවොත් කිසි සමාවක් නෑ… පාලන මිලක් දානවා…! – ඇමති වසන්ත සමරසිංහ….

June 6, 2025 at 2:30 pm | by emanisa.lk

ආනයනකරුවන් විසින් ආනයනික ලුණු වැඩි මිලට විකිණීමට උත්සාහ කළහොත් ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජයට සිදුවන බව වෙළෙඳ හා වානිජ ඇමැති වසන්ත සමරසිංහ පවසයි.

බදුත් සමග රුපියල් 77ක් වැයවන ආනයනික ලුණු කිලෝවක් රුපියල් 250 කට අලෙවි කිරීමට උත්සාහ නොකරන්නැයි වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

දේශීය වෙළෙඳපොළේ ඇති හිඟයක් හේතුවෙන් රජය ලුණු ආනයනය කිරීමට අවසර දුන්නා මිස, ආනයනකරුවන්ට ලාබ ලැබීම වෙනුවෙන් වැඩි මිලට විකිණීමට අවසර නොදුන් බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *