ලංකා සීනි සමාගමේ පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න එම තනතුරින් ඉල්ලා අස්ව තිබේ.
කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කරන ලද දැනුම් දීමක් අනුව ඔහු මෙලෙස සිය තනතුරින් ඉල්ලා අස්ව තිබේ.
ඊට හේතු වී ඇත්තේ ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් බව වාර්තා වෙයි.
දේශීය සීනි කර්මාන්තය දැඩි ආගාධයකට වැටෙමින් පවතින අවස්ථාවක තමන් සිදුකළ ප්‍රකාශයේ ගැඹුර ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාට නුදුරේ දීම වැටහෙනු ඇතැයි ද ඔහු ඇමතිවරයා වෙත යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වෙයි.
ආණ්ඩුව සීනි සමාගම් ඉඩම් බඩ ඉරිඟු සහ කෙටිකාලීන භෝග වගාවට ලබා දීම නුවන් ධර්මරත්න සිය ෆේස්බුක් පෝස්ටුව මගින් විවේචනය කර තිබේ.