පැලවත්ත සීනි දැවැන්ත මූල්‍ය අර්බුදයක… සීනි ටොන් 500ක් රු. ලක්ෂ 420ක් පාඩුපිට විකුණයි…!

May 30, 2025 at 4:02 pm | by emanisa.lk

පැලවත්ත සීනි සමාගම දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක් කිලෝවක් රු. 84ක් පාඩු පිට ව්‍යාපාරිකයකුට අලෙවි කර ඇතැයි එහි සේවකයෝ පවසති.

දුඹුරු සීනි කිලෝවක නිෂ්පාදන වියදම රු. 283ක් වී ඇති අතර ඒවා අලෙවි කර ඇත්තේ කිලෝවක් රු. 199 බැගිනි.

මෙම ගනුදෙනුවෙන් සමාගමට සිදුව ඇති පාඩුව රු. ලක්ෂ 420ක් වන අතර අලෙවි කරගත නොහැකිව තවත් සීනි ටොන් 17 000ක් ගබඩා කර ඇතැයි ද වාර්තා වෙයි.

සමාගමේ මූල්‍ය අර්බුදය උග්‍ර වීමත් සමග මැයි මස සේවක වැටුප් සහ ගොවීන්ට උක් සඳහා ගෙවීමට මෙලෙස සීනි ටොන් 500ක් පාඩු පිට අලෙවි කළ බව සඳහන් වෙයි.

සේවකයන් නඟන මෙම චෝදනාව පිළිබඳ සමාගමේ කළමනාකරීත්වය හෝ ඇමති සුනිල් හඳුන්නෙත්ති මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

ada

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *