පුංචි ආණ්ඩු හදන්න සහාය ඉල්ලා ආණ්ඩුව ලක්ෂ 80ක් දෙන්න ආවා….! – ස්වාධීන මන්ත්‍රී…

May 30, 2025 at 12:23 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය විසින් රුපියල් ලක්‍ෂ අසූවක් මතුගම ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ල වෙයි.

ස්වාධීන කණ්ඩායම්වලින් තරග කර ජය ගත් ජමතුගම දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මාලිමා ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙක් තම නිවසට පැමිණ සහයෝගය ඉල්ලා සිටි බවය.

ඒ සම්බන්ධයෙන් දෙවැනි සාකච්ඡාවක් කොළඹදී ද පැවැත්වූ බව ද ඔහු පැවසුවේය. එහෙත් මුදලට යට වීමට අවශ්‍යතාවක් නැති බවත් එසේ අවශ්‍යතාවක් ඇත්තේ නම් ඊට පෙර එම තීරණය ගන්නා බවද ඔහු කියා සිටියේය.

මේ අතර මතුගම ප්‍රාදේශීය සභාවෙන් නව සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායමෙන් තරග කර ජයගත් කසුන් මුණසිංහ නම් කිරීමට ද සූදානමක් ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *