සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසී යෑමේ අවදානමක් ඇති බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.
“සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදාමක්” යන පුවත සම්බන්යෙනි!
සමාජ මාධ්‍යතුල දැනට සංසරණය වන “සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක්” පුවත යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරණය කරන හිතළුවක් වන අතර එම පුවත අප අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැත. මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිළදී නොගන්නා බවට පළවන කරුණුද සාවද්‍ය වන අතර දැනට ගොවීන් විසින් ලබා දෙන අස්වැන්න කර්මාන්තශාලාව මිළදී ගැනීමට කටයුතු කරයි.
පසුගිය රජය යටතේ පාඩු ලබමින් තිබුණු මෙම ආයතනය නව පරිපාලනය මගින් නව අළෙවි සැලස්මක් යටතේ පාඩුව අවම කරගනිමින් සිය මෙහයුම් කටයුතු ඉදිරියටත් කරගෙන යන අතර මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.