බහාලුම් 323 නිදහස් කරන්න නීති විරෝධී නියෝග දුන් ඇමති බිමල් අත්අඩංගුවට….?

May 27, 2025 at 7:15 pm | by emanisa.lk

පසුගිය ජනවාරි 18 වෙනිදා පරික්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීමත් සමග රට පුරා පාතාළ ක්‍රියාකාරකම් ඉහළ ගිය බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

රේගුව ජනාධිපතිවරයා සතු මුදල් අමාත්‍යංශය යටතේ පැවතිය ද මෙම නියෝගය ලබා දී ඇත්තේ ඇමති බිමල් රත්නායක නිසා එය නීති විරෝධී නියෝගයක් බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම බහාලුම්වල ගිනි අවි සහ මූනිස්සම් තිබුණේ යැයි තමන් විශ්වාස කරන බවත් ඒවා නිදහස් කිරීමේ රට ලේ විලක් කරන තීන්දුව ලබා දුන් ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවත් ගම්මන්පිල අවධාරණය කරයි.

ඇමති බිමල් රත්නායක අත්අඩංගුවට ගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම කැබිනට්ටුවේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන තැබූ වාර්තාව හැකි නම් සම කරන ලෙස ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කරයි.

අද (27) මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ඇමති උදය ගම්මන්පිල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *