ඖෂධ හිඟයක් ආවේ පහුගිය ආණ්ඩුවෙි වරදින්….! – ඇමති නලින්ද ජයතිස්ස…

May 25, 2025 at 9:20 am | by emanisa.lk

මෙරට රජයේ රෝහල්වල භාවිත වන ඖෂධ වර්ගවලින් සියයට 65 ක්ම ආනයනික ඒවා බවත් මෙරට නිෂ්පාදනය කරන්නේ සියයට 35ක ප්‍රමාණයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මෙම වසරේ රෝහල්වලට ලැබිය යුතු ඖෂධ ගිය වසරේ ඇනවුම් කළ යුතුව තිබූ ඒවා බව පැවසූ ඔහු අද වන විට මුහුණ දෙමින් තිබෙන ගැටලුව ගිය වසරේ එම ප්‍රසම්පාදන කටයුතු නිසි ලෙස සිදු නොවීම බවද පවසයි.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති හෙද නිලධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා වූ උත්සව සභාව අමතමින් ඇමති නලින්ද ජයතිස්ස මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *