සහල් හිඟය ජපන් කෘෂිකර්ම ඇමති ගෙදර යවයි….!

May 24, 2025 at 11:56 am | by emanisa.lk

රට මුහුණපා ඇති සහල් හිඟය හිඟය නිසා ජපානයේ කෘෂිකර්ම අමාත්‍ය ටකු එටෝ ඉල්ලා අස්වී තිබේ.

ජපානය මේ වන විට දශක ගණනාවකට පසු ජීවන වියදම් අර්බුදයට මුහුණ දී සිටින අතර එහි ප්‍රධාන ආහාරයක් වන සහල් මිල පසුගිය වසරට වඩා දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ.

තම ආධාරකරුවන් තෑගි ලෙස ‘ඕනෑ තරම්’ සහල් ලබා දෙන නිසා තමාට කිසි විටෙකත් සහල් මිලදී ගැනීමට සිදු නොවූ බව ටකු එටෝ ප්‍රකාශ කිරීමත් සමග ඔහුට බලවත් විරෝධයක් එල්ල වී ඇත.

මේ නිසා ඇමතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිවරයාට භාරදී ඇති අතර අගමැති ෂිගෙරු ඉෂිබාගේ සුළුතර රජයට සහල් හිඟය බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *