සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඊට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී භාරදී ඇත.
පක්ෂ අභ්‍යන්තරයේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදය මෙම ඉල්ලා අස්වීම ඔස්සේ ප්‍රකාශයට පත්වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
චමින්ද විජේසිරි 2024 වසරේ තමන් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට ව්‍යාපාරික නයන වාසළතිලක පාර්ලිමේන්තුවට පැමිණියේය.