ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චංග් ලංකාවේ ප්රධාන දේශපාලන දහරා කිහිපයක් නියෝජනය කරන නායකයන් පිරිසක් හමු වී සාකච්ඡා කොට ඇතැයි වාර්තා වෙයි.
මෙලෙස හමු වී සාකච්ඡා කළ පිරිස අතර අගමැතිනි හරිනි අමරසූරිය, චන්ද්රිකා බණ්ඩාරනායක, ඩලස් අලහප්පෙරුම ද වෙති.
ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර යම් දේශපාලන ආතතියක් නිර්මාණය වී ඇති පසුබිමක සිදු වූ මෙම හමු වීම දේශපාලන ක්ෂේත්රයේ සාකච්ඡාවට ලක්ව තිබේ.
2015 ආණ්ඩු පෙරළියේ මහමොළකරු ලෙස සැලකෙන්නේ ද හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායකයි. ගෝඨාභය රාජපක්ෂ නෙරපා හැරි අරගලයේ මහ මොළකාරිය ජූලි චන්ග් බවට ද චෝදනා නැඟෙයි.