මාලිමාව පුංචි ආණ්ඩු හදන්න කතා කළා… මම ඇන්ටිජන් හොරා නිසා බෑ කිව්වා..! – දිලිත් ජයවීර..

May 22, 2025 at 6:09 pm | by emanisa.lk

කිසිවෙකුට බහුතරය දිනාගත නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම සඳහා සර්වජන බලය පක්ෂයට ද ආරාධනා ලැබී ඇති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සඳහන් කරයි.

ජාතික ජන බලවේගය පක්ෂයෙන් ද එම ආරාධනා ලැබුණු නමුත් තමන් එම ආරාධනා ප්‍රතික්ෂේප කරන ලද බවයි, ඔහු පැවසුවේ.

මැති ඇමතිවරුන් තමන්ට ඇන්ටිජන් හොරා යයි චෝදනා එල්ල කොට ඇති නිසා තමන් සමඟ එක්වී බලය පිටුවීම ජාතික ජන බලවේගයට හොඳ නැති වනු ඇතැයි තමන් ඔවුන්ට දැනුම් දුන් බව ද හෙතෙම කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *