උතුරේ තරුණයොත් විරුවෝ තමයි… ඒ තරුණයෝ මැරෙද්දි අපට ඇඬුණා… අපේ මවිලක් ජාතිවාදී නෑ….! – ඇමති ක්‍රිෂාන්ත අබේසේන…

May 21, 2025 at 8:30 pm | by emanisa.lk

සත්‍ය යුක්තිය වෙනුවෙන් කතා කළ දකුණේ මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරයට පත් කෙරුණු මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දකුණේ තරුණයන් පමණක් නොව උතුරේ තරුණයන් මැරෙන විට ද තමන් කඳුලු සැලූ බවයි.

සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව කෙනෙකුට දේශප්‍රේමිය තව අයෙකුට දේශද්‍රෝහියකු විය හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.

දකුණේ මිය ගිය තරුණයන් පමණක් නොව උතුරේ මිය ගිය තරුණයන් ද සැමරිය යුතු බවත් සිය පක්ෂය ජාතිවාදී නොවන බවත් තමන්ගේ එක මවිලක් පවා ජාතිවාදී නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා රණවිරු සැමරුමට සහභාගී වී කිසිදු ජාතිවාදී ප්‍රකාශයක් සිදු නොකළ බව ද මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අවධාරණය කරයි.

අද (21) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *