රෝගී ජීවිත අනතුරේ…. රෝහල්වල ඖෂධ වර්ග 180ක් හිඟයි…!

May 21, 2025 at 10:08 am | by emanisa.lk

දිවයින පුරා රෝහල් රැසක මේ වන විට දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

“ඖෂධ විශාල සංඛ්‍යාවක හිඟයක් සම්බන්ධයෙන් රෝහල්වලින් වාර්තා වෙනවා. පසුගිය අප්‍රේල් මාසය අවසන් වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 180කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. ඒ වගේම රෝහල් පද්ධතියේ ඖෂධ 50කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ.

දැන් තත්ත්වය ඊට වඩා උග්‍ර අතට පත්වෙමින් තියෙන්නේ. ලැබෙන තොරතුරු තමයි ප්‍රතිජීවක, වේදනානාශක, ඒ වගේම ඉන්සියුලීන්වල ගැටලුවක් තියෙනවා.

ඒ වගේම හෘද රෝග, අධිරුධිර පීඩනය ආදි රෝගවලට ලබාදෙන ඖෂධ ඒ වගේම ශල්‍යකර්ම සඳහා ලබාදෙන යම් යම් උපකරණවල ගැටලු සමස්තයක් විදියට රෝහල් පද්ධතියේ වගේම ප්‍රාදේශීය වශයෙන් අපිට දකින්න ලැබෙනවා. සමහර ඖෂධ හිඟය රෝහල් පද්ධතිය තුළම තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *