ආණ්ඩුවට බහුතරය අහිමි පළාත් පාලන ආයතනවල එක්ව බලය පිහිටු වීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකඟ වී ඇත.
ඒ සඳහා විපක්ෂයේ සෙසු පාර්ශ්ව ද එකතු කර ගැනීමට එකඟතාව පළකර ඇත.
අද (19) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවට පැමිණ ඇත.
එම අවස්ථාවට සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩා එජාප මහ ලේකම් තලතා අතුකෝරාල ඇතුළු පිරිසක් සහභාගී වූහ.