වේළුපිල්ලේ ප්‍රභාකරන් වෙනුවෙන් අනුස්මරණ ශාලාවක් සහ පිළිරුවක් තැනීමට මීට පෙර කිසිදු දේශපාලන පක්ෂයක් පොරොන්දු වී නැතැයි මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ පවසයි.
මෙවැනි පොරොන්දුවක් යම් දේශපාලන පක්ෂයකට ලබාදිය හැකිද යන්න තමන්ට හිතාගත නොහැකි බව ඔහු ප්‍රකාශ කරයි.
මෙවැනි පොරාන්දුවක් උතුරට ලබා දුන් පසු ද තමන් ප්‍රතික්ෂේප වුණේ ඇයි ද යන්න රජය සිතා බැලිය යුතු බව ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ සඳහන් කරයි.
youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.