ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මූලික කොන්දේසි ඉදිරි මාසය තුළ ඉටු නොවුණහොත් ඉදිරි ණය වාරිකය වන ඩොලර් මිලියන 344 ලැබීම තවත් මාස ගණනාවක් පමාවනු ඇතැයි වාර්තා වේ.
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව, චීනය සහ ජපානය ද එකඟව කටයුතු කරන බැවින් මූල්‍ය අරමුදලේ නිර්දේශ සමඟ එම රටවල් සහ සංවිධාන ලබාදෙන ආධාර ද දැඩිව බැඳී ඇති බවයි.
ඒ අතර චීනය විසින් කොළඹ ඉදිකරන ලද පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා ලබාදීමට නියමිත බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසියට චීන තානාපති අංශ දැඩි කනස්සල්ල පළ කර ඇති අතර බදු සහන ඉවත් කළහොත් මෙරට ඉදිරි චීන ආයෝජන සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.
මේ අතර පාඩු ලබන රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය කඩිනමින් පියවර ගනු ඇතැයි ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද අපේක්ෂාවෙන් පසුවන බව දැන ගන්නට තිබේ.