මෙවර 16 වන වරට පැවැත්වෙන ජාතික විජයග්‍රහණ දින සැමරුම සඳහා ජනාධිපති අනුර දිසානායක සහභාගී නොවන බව වාර්තා වෙයි.
මැයි මස 18 වෙනිදා හවස 4ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස දී ජාතික විජයග්‍රහණ දින සමරුම පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙවර ජාතික විජයග්‍රහණ දින සැමරුමට ජනාධිපතිවරයා නියෝජනය කරමින් නි. ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සහභාගී වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පවසයි.
2009 මැයි මස 18 දින නන්දිකඩාල් කලපුවේ දී එල්ටිටිඊ ත්‍රස්තවාදය පරාජය කරමින් වසර 35 කට අධික කාලයක් රටට විශාල විනාශයක් කළ කුරිරු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීම මෙහි දී සැමරයෙි.