වෙඩි කෑ ඩෑන් ප්‍රියසාද් මරුට…..!

April 23, 2025 at 9:48 am | by emanisa.lk

වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මියගොස් තිබේ.

ඊයේ (22) රාත්‍රී 9ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස පරිශ්‍රයේ උඩු මහලක දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයට ගොදුරු වන විට මැතිවරණ ජනහමුවකට සහභාගී වෙමින් සිටි බව වාර්තා වෙයි.

ඩෑන් ප්‍රියසාද් මත්ද්‍රව්‍ය ජාවාරමට, ඉස්ලාම් අන්තවාදයට සහ බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම්වලට එරෙහිව හඬ නැඟූ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *