ඇමති බිමල් කලින්ම වැඩ පෙන්නයි… අමාත්‍යංශ ආයතන ප්‍රධානීන් හයෙන් හතරක් ගෙදර…!

April 22, 2025 at 10:20 am | by emanisa.lk

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇති බව ආරංචි මාර්ග පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යටතේ පැවති ආයතනවල ප්‍රධානීන් තිදෙනෙකු මීට පෙර ඉල්ලා අස්විය.

ඒ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සහ ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ යන නිලධාරීන් ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හයෙන් හතරකම ප්‍රධානීන් ඉල්ලා අස්වී තිබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *