මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ හෙට ආරම්භ කෙරෙන දළදා වන්දනාව සඳහ VVIP හෝ VIP පෝලිම් නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පැමිණි පිළිවෙළට කිසිදු බාධාවකින් තොරව දළදා වන්දනාව සඳහා අවස්ථාව ලැබෙන බවයි, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අවධාරණය කළේ.
කිසිවෙකුට පෝලිම් පැණීමට හෝ මැදින් එකතු වීමට හෝ කිසිදු අවස්ථාවක් නොමැති බවත් පෝලිම් වීඩියෝගත කරන බවත් ඔහු අවධාරණය කරයි.