ඉන්දීය අගමැති හමුවුණේ ආණ්ඩුවේ පිහිටෙන් නෙමෙයි.. ආණ්ඩුව ඒක දන්නෙත් නෑ…! – පේෂල මනෝජ්….

April 7, 2025 at 7:03 pm | by emanisa.lk

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමු වීම සඳහා තමන්ට අවස්ථාව ලබා දුන්නේ ආණ්ඩුව නොවන බව ප්‍රේෂල මනෝජ් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

ඒ සඳහා අවශ්‍ය සියලු ම කටයුතු ස්වාමී විවේකානන්ද පදනම මගින් සංවිධානය කළ බව ද පේෂල මනෝජ් ප්‍රකාශ කරයි.

වර්තමාන ජනාධිපතිවරයා දැඩිව විවේචනය කළ පේෂල මනෝජ්ට ආණ්ඩුව ඉන්දීය අගමැති හමුවීමට පවා අවස්ථාව ලබාදීමට තරම් ආණ්ඩුව නිහතමානී වී ඇතැයි පළවන සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති සඳහා ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *