ජනතාවට දළදාව දැක ගන්න ලැබෙන්නේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට…! – ඇමති ලාල්කාන්ත…

April 3, 2025 at 9:53 am | by emanisa.lk

ජනතාවට ශ්‍රී දළදා වහන්සේ දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

“ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තමයි මේ දළදා හාමුදුරුවෝ දැකබලා ගැනීමේ අවස්ථාව අපට හම්බවෙලා තියෙන්නෙ. දැන් 18 වෙනිදා ඉඳලා දළදා හාමුදුරුවෝ දැකබලා ගන්න පුළුවන්.

දින 10ක් තියෙනවා. ඒකටත් යන්න. දවස් තුනක්වත් පෝලිමේ ඉන්න වෙනවා. මේ රටෙන්ම එනවානෙ. ගියත් ඒකේ තියෙන ප්‍රතිඵලය ලැබෙනවා.”

කේ. ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ ඊයේ (02) මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *