පරාටේ තොණ්ඩුවෙන් ව්‍යවසායකයන් බේරගන්න… දැන්වත් පෑන අරන් පෙරට එන්න…! – දිලිත් ජනපතිගෙන් ඉල්ලයි….

April 2, 2025 at 4:51 pm | by emanisa.lk

මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය (01) සිට බලාත්මක වීමත් සමග රටේ බැංකු විසින් ව්‍යවසායකයන්ගේ ඉතිරි ඉඩකඩම් දේපළ ටික ඩැහැ ගැනීමට කටයුතු කරමින් ඇතැයි ද මේ නිසා ලක්ස තුනකට අධික ව්‍යවසායකයන් පාරට ඇද වැටෙන බව ද සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ව්‍යවසායක උන්මාදයක් හදමින් ලක්ෂ ගණනක් ව්‍යවසායකයන් බිහි කරන බවට බවට සපථ කළ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේම ගත් මෙම තීන්දුව නිසා ව්‍යවසායකයන්ට ප්‍රතිකාර ලබා දිය යුතු මට්ටමට උන්මාදය උග්‍ර වී සිය දිවි නසා ගැනීමේ මටට්මට පවත්ව ඇති බවයි.

රටට කිසිදා බරක් නොවූ මෙම ව්‍යාවසායකයන්ගේ කර්මාන්ත බිඳ වැටුණේ ඔවුන්ගේ කිසිදු වරදකින් නොව ජාතික ජන බලවේගය ද කොටස්කරුවන් වූ යහපාලනාණ්ඩුව සමයේ ආරක්ෂක දැල කඩා වැටීමෙන් සිදුවූ පාස්කු ප්‍රහාරය සමග සංචාරක කර්මාන්තය බිඳ වැටීම සහ අනතුරුව පැමිණි කොවිඩ් වසංගතය නිසා බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

එහෙයින් මිලියන ගණනකට රැකියා උත්පාදනය කරමින් ආණ්ඩුවට බදු ගෙවන ව්‍යාපාර ප්‍රාණවත් කිරීමට ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේ කී ආකාරයටම එක පෑන් පහරින් කටයුතු කළ යුතු බවත් එසේ නොකොළහොත් මෙතැන් සිට රට වළපල්ලට යෑම නොවැළැක්විය හැකි බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *