ලංකා විදුලි පද්ධති ඉන්දියාවට සම්බන්ධ කරලා ලෝකෙට විදුලිය විකුණනවා…! – ඇමති විජිත හේරත්….

March 31, 2025 at 5:55 pm | by emanisa.lk

ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද‍්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී ශ්‍රී ලංකා හා ඉන්දිය විදුලි පද්ධති සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය කෙරෙහි අවධානය යොමුවන බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා පවසයි.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණු බවත් ඒ හරහා මෙරට අතිරික්ත පුනර්ජනනීය බල ශක්තිය ඉන්දියාවට හා අනෙක් රටවලට අපනයනය කිරීමට හැකි බවත්ය.

ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 4 වැනි දා සිට තෙදින නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එහිදී දෙපාර්ශ්වය අතර ආරක්ෂක ගිවිසුම් ඇතුළු ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *