වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පශු වෛද්‍යවරුන් හෙද-හෙදියන් ඇතුළු වෘත්තිකයන් යළි රට හැර යෑමේ අවදානමක් හටගෙන ඇත.
පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් දෙදහසක්, හෙද-හෙදියන් හාර දහසක්, ඉංජිනේරුවන් දෙදහසක්, රට හැර යෑමට මූලික කටයුතු සිදු කරගෙන සිටින බව වෘත්තීය සංගම් පවසයි.
මධ්‍යම රජයේ සහ පළාත් රෝහල් පද්ධතිය තුළ වෛද්‍ය සහ හෙද හිඟය මේ වන විට උග්‍රවී තිබෙන බව පෙන්වා දෙන අදාළ වෘත්තිය සංගම් වසර තුනකින් පමණ බඳවා ගැනීම් සිදු කර නැතැයි චෝදනා කරයි.
දුෂ්කර සහ අති දුෂ්කර පළාත් සභා රෝහල් ගණනාවක වෛද්‍ය සහ හෙද හිඟය දැඩි ලෙස උග්‍රවී තිබෙන බවත් පුරප්පාඩු පිරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන නැති බවත් වෘත්තීය සමිති කියයි.
රාජ්‍ය අංශයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන්ගේ හිගය ද උග්‍ර වී ඇත.