දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කරයි.
ඉකුත් 12 වෙනිදා එම පෙත්සම ගොනුකර තිබුණේ 2023 වසරේ මාතර, වැලිගම සිදුවු වෙඩි තැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.
එම තීන්දුව ප්රකාශයට පත් කරන ලද්දේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.