CIDයට ගෙවල් චෙක් කරන්න පොලිසියෙන් අවසර ඕන නෑ…! – ඇමති ආනන්ද විජයපාල….

March 11, 2025 at 5:17 pm | by emanisa.lk

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ නිවස පරික්ෂා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද විශ්වාසනීය තොරතුරක් පදනම් කරගෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි.

එවැනි පරික්ෂාවක දී අදාළ ප්‍රදේශයේ පොලිසිය දැනුම්වත් නොකරන බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය හැඳුනුම්පත් ඉදිරිපත් කර තමන් හඳුන්වා දී නිවැසියන්ට තමන් පැමිණි කාරණය පැහැදිලි කර දී ඇති බව ද ඇමති ආනන්ද විජයපාල වැඩි දුරටත් සඳහන් කරයි.

මාතර පොලිසිය දැනුම්වත් නොකර වරෙන්තුවක් ද නොමැතිව සිවිල් ඇඳුමින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මහ රෑ නිවාස වෙත කඩා පැනීම යුක්ති සහගත ද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදුකළා යැයි කියන වරද ද එයම නොවේදැයි පාර්ලිමේන්වේ දී නාමල් රාජපක්ෂ නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම අද (11) මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *