මේ වන විට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ඉෂාරා සෙව්වන්දි සැඟව සිටින බව නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල පවසයි.
ඔවුන් පිළිබඳ තොරතුරු තමන් සතුව ඇතැයි ද නි. ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
එම තොරතුරු මත තව නොබෝ කලකින් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා බව සුනිල් වටගල අවධාරණය කරයි.
නි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික රූපවාහිනියේ වැවඩසටහනකට ඊයේ (05) එකතු වෙමිනි.