මාලිමාවේ මැති ඇමතිලා පාසල් උත්සවවලට යනවා…අපි ගියොත් ප්‍රින්සිපල්ට විනය පරීක්ෂණ තියනවා…! – ජගත් විතාන…

March 5, 2025 at 4:04 pm | by emanisa.lk

තමා උගත් මතුගම කන්නංගර ජාතික පාසලට තමා ගියේ යැයි විදුහල්පතිනියට විනය පරීක්ෂණයක් තබා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.

සිය පෞද්ගලික ධනයෙන් එම පාසලට පිහිනුම් තටාක, ක්‍රීඩාගාර, ක්‍රීඩාංගන ගොඩනැඟීමට තමන් කටයුතු කළ බව ද හෙතෙම සඳහන් කරයි.

එහෙත් මේ වන විට නිවාසාන්තර ක්‍රීඩා උලෙළට පවා තමා පාසලට ගෙන්වා ගැනීමට විදුහල්පතිනිය බියට පත්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

එහෙත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මාතලේ විජයපාල ජාතික පාසලේ උත්සවයකට ගිය බව මාධ්‍ය වාර්තා කර ඇතැයි ද ජගත් විතාන සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *