අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ විසින් නියෝග කර ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට සැඟව සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ස්වාධීනව කටයුතු කරමින් සිටින බවයි.