ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකමට අදාළ 4 වන වාරිකය ලබා දී තිබේ.
එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් තුන්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඇමරිකානු ඩොලර් මිලියන 336ක් පමණ වන මූල්‍යන පහසුකම් සඳහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබාදී තිබේ.
ඒ සමග මෙරටට ලැබී ඇති සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.34ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.