පස්ස දොරෙන් පැනලා ගිය ගෝඨා ආරක්ෂක ලේකම්කමට සුදුසු නෑ…! – ඇමති ආනන්ද විජයපාල…

February 26, 2025 at 6:16 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ යනු 69 ලක්ෂයක ජනවරමක් ලැබුණ ද රට පාලනය කරගත නොහැකිව පස්ස දොරෙන් පළා ගිය අයකු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි.

එවැනි පුද්ගලයෙකුට ආරක්ෂක ලේකම් ධුරය ලබා දීමට යෝජනා කරන අය පිළිබඳ ජනතාව තීන්දු කරනු ඇති බව ද ඇමතිවරයා සඳහන් කරයි.

ඔහු මේ රට දැවැන්ත පරිහානියකට ඇද දමා අවසානයේ රටින් ද පැනගොස් නැවත වැඩ ආරම්භ කිරීමට සූදානම් වුව ද ඔහුට එවැනි හැකියාවක් නොමැති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

රටේ අපරාධ රැල්ල වැඩි වීමත් සමග ආරක්ෂක ලේකම් ධුරය ගෝඨාභය රාජපක්ෂට දිය යුතු යැයි ජනතාව ප්‍රකාශ කරන බවට මාධ්‍යෙව්දියකු සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇමති විජයපාල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *