අයවැයෙන් යෝජිත වැටුප් වැඩි කිරීම් දෙන්න බෑ…! – ව්‍යවසායක සංසදය…

February 26, 2025 at 12:50 pm | by emanisa.lk

අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර සඳහන් කරයි.

“අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අයවැයක දාන දත්ත ටිකක් නෙමෙයි. කළ හැකි යම්කිසි වැඩපිළිවෙළක්. රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා දීලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ කාරණයක්.

ඒකම පෞද්ගලික අංශයට කරන්න කිව්ව ගමන්ම නිකන් කල්පනා කරන්න රු 21,000ක පඩිය අපේ රු 27,000 දක්වා වැඩි කළ ගමන්ම එතැනම රු 6,000ක වෙනසක් එනවා. පැය 50 – 60ක් අතර OT කරනවා. එතකොට අපි පැයකට රු 210ක් ගෙවනවා. ඒකට විතරක් අපි රු 10,000ක පමණ ප්‍රමාණයක් අපි ගෙවනවා.

ඒ එක්කම ETF, ETF එතකොට පඩි කිරීමයි ඔක්කෝම එකතු කරාම රු 15,000කින් පමණ වර්ධනය වෙනවා. ඒක මුලික පඩියෙන් වැඩිවුණාම ව්‍යවසායකයින් ලෙස අපිට ගොඩක් අමාරුයි.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *