අදානි යන්නේ අපේ ජාතික ප්‍රතිපත්තියට එකඟ නැති නිසයි… එක අර්බුදයක් නෙමෙයි…! – නි. ඇමති චතුරංග අබේසිංහ…

February 15, 2025 at 3:17 pm | by emanisa.lk

තාක්ෂණය ප්‍රාග්ධනය සහ වෙළඳපොළ අවස්ථා සඳහා ලංකාව දැන් විවෘත බව නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

වංචාවෙන් දූෂණයෙන් තොරව ආයෝජන කටයුතු සඳහා දැන් සියලු දෙනා සඳහා රට විවෘත බව ද හෙතෙම අවධාරණය කරයි.

ආයෝජන අතහැර යන බව කියන ආයෝජකයන් සිය ජාතික ප්‍රතිපත්තියට අනුකූල නොමැති බව ද නි. ඇමතිවරයා සඳහන් කරයි.

විදුලි ඒකකයක් ඩොලර් ශත 6කට වඩා වැඩි නම් එම ව්‍යාපෘතිය ඉදිරියට නොයන බව ආණ්ඩුව අදානි සමාගමට දැනුම් දී ඇති බව ද චතුරංග අබේසිංහ ප්‍රකාශ කරයි.https://www.youtube.com/watch?v=bOT186heS0o

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *