අදානි සුළං විදුලිය ජාතික විදුලි පද්ධතියට…!

May 7, 2024 at 10:41 pm | by emanisa.lk

වසර විස්සක කාලය සඳහා ඉන්දීය අදානි ග්‍රීන් සමාගමෙන් විදුලිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

එම අනුමැතිය හිමිව ඇත්තේ මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහාය

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව අද (07) තහවුරු කොට ඇත.

මීට අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර් ජී සමාගම විසින් ඉදිරිපත් කර තිබූ අතර එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ඇමෙරිකානු ඩොලර් ශත 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් එහිදී යෝජනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *