මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් වගේ ම රජයේ වාහනත් එපා… විපක්ෂයෙන් තවත් යෝජනාවක්…!

February 8, 2025 at 1:35 pm | by emanisa.lk

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට වාහන බලපත්‍ර හෝ රජයේ වාහන ලබාදීම අත්හිටුවිය යුතු බවට පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

දැනටමත් රජය වාහන බල බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති නමුත් රජය විසින් වාහනයක් මන්ත‍්‍රී ධුරය දරන කාලසීමට ලබාදීමට සාකච්ඡා කරමින් ඇත.

එහෙත් නව මන්ත්‍රී යෝජනාවෙන් මන්ත්‍රීවරුන් තමන්ගේ ප්‍රවාහන පහසුකම් තමන් විසින්ම සලසා ගත යුතුව තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම යෝජනාව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සකසා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන යෝජනාව ද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එය ඉදිරිපත් කරන ලද්දේ විපක්ෂයේ රවී කරුණානායක මහතා විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *