2025 වර්ෂය සඳහා වූ ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1032ක් පමණ වන බව වාර්තා වෙයි. ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය.
2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් විසිනි.