දේශපාලන සදාචාර සළුපොට අහසට… ඡන්දෙන් පැරදුණු පාලිතට සිවිල් ආරක්ෂක මුල් පුටුව…!

January 29, 2025 at 9:23 am | by emanisa.lk

විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී. පාලිත ප්‍රනාන්දු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කර ඇත.

ඔහු පසුගිය මහා මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් තරඟ කොට පරාජයට පත්වූවෙකි.

ජනවාරි 20 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා පාලිත ප්‍රනාන්දු පත්කිරීමට පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ය.

කෙසේ වුවත් ජාතික ජනබලවේගය පසුගිය සමයේ මැතිවරණවලින් පරාජයට පත්වන පුද්ගලයන් රජයේ ඉහල තනතුරු සඳහා පත්කිරීමට කලින් පැවති ආණ්ඩු කටයුතු කිරීම දැඩිව විවේචනය කර සිටියේය. ඔවුන් එය හඳුන්වා දුන්නේ එම ආණ්ඩුවල දේශපාලන සදාචාරයේ ගැටළුවක් ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *