සමූපකාර ඡන්ද යනු දේශපාලන පක්ෂ අතර ඡන්දයක් නොව එහි ලියාපදිංචි සාමාජිකයන් අතර පවත්වන සීමිත ඡන්දයක් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
එහි දී සිය පක්ෂයට හිතවත් කණ්ඩායම් පරාජය වූ අතර එය විශාල දෙයක් නොවන බව ද ඇමතිවරයා සඳහන් කරයි.
සිය පාක්ෂිකයන් සමූපකාරවල සාමාජිකත්වය ගෙන නොමැති බවත් ජනතාව එවැනි ඡන්දයක් තිබ්බ බවක් හෝ නොදන්නා බවත් හෙතෙම අවධාරණය කරයි.
සීමා සහිත පිරිසක් අතර පවත්වන එවැනි ඡන්දයකින් ජනමතය මැනිය නොහැකි බවත් ජනතාව අතර ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී ඇතැයි එමගින් කිව නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කරයි.
පසුගියදා දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් විජිත හේරත් මේ බව කීය.