මේසෙට ගහලා හාල් මිල දහයකින් උස්සපු එකෙන් විතරක් මෝල්කාරයින්ට බිලියනයක් ලාභයි…! – හිටපු කෘෂිකර්ම ඇමති…

January 26, 2025 at 1:54 pm | by emanisa.lk

ආණ්ඩුව රු. 10කින් හාල් මිල ඉහළ දමා උපරිම මිල නියම කිරීම නිසා පමණක් එක් හාල් මෝල් හිමියෙකු අවම වශයෙන් කෝටි 50ක පමණ ලාභයක් ලැබූ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඇතැම් මෝල් හිමියන් මෙම රුපියල් 10 මිල ඉහළ නැංවීම නිසා රුපියල් බිලියනයක පමණ ලාභයක් උපයා ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එම ව්‍යාපාරිකයන් කෝටි පනහ, සීය පක්ෂවලට වියදම් කර ඇති නිසා මෙලෙස මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ද හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වන අතර ටොන් ලක්ෂ 30ක් පමණ නිෂ්පාදනය කළ බව සියලු වාර්තාවල ඇතැයි ද ආණ්ඩුවේ නොහැකියාව නිසා එය කළමනාකරණය කරගත නොහැකි වී ඇති බව ද මහින්ද අමරවීර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *