අදානි සමූහ ව්‍යාපාරය සමග අත්සන් කළ පුනරින් සහ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එහෙත් අදාළ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
“අදානි සමූහය සමග මේ වෙද්දි පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර පිළිබඳව ගිවිසුමක් තිබෙනවා මේ වෙද්දි අධිකරණය හමුවේ නඩු පහක් තියෙනවා. ඒ නඩුවලින් එක් නඩුවක් මැයි මාසයේදී විභාගයට ගන්නත් නියමිතයි. අපි කිසිම තීරණයක් අරන් නැහැ මේ ගිවිසුම් අහෝසි කරන්න.
ඒත් ආණ්ඩුවක් විදිහට තීන්දුවක් ගත්තා ඒ ගිවිසුම් සමාලෝචනය කරන්න. ඒකට මේ වෙද්දි කමිටුවක් පත් කරලා තියෙනවා. බලශක්ති ක්ෂේත්‍රයටත්, රටේ ජනතාවටත් වඩා උචිත වන ආකාරයෙන් මේ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තුව. නැතිව ඒවා අහෝසි කරන්න නෙමෙයි.
යළිත් වරක් රටේ ජනතාවට අපි පවසන්න ඕනේ ගිවිසුම් අහෝසි කරන්න තීරණයක් නැහැ. සමාලෝචනය කරන්න විතරයි, ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරලා තියෙන්නේ. කොහෙම වුණත් නඩු කටයුතු කිහිපයක් තියෙන නිසා ඒ නඩු අවසානයේදී තමයි රජයට තීරණයක් ගන්න වෙන්නේ.”