අපි පදින අපේ වාහනවලට ඊර්ෂ්‍යා කරන්න එපා…! – අගමැතිනි හරිනි අමරසූරිය…

January 24, 2025 at 12:11 pm | by emanisa.lk

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වාහන භාවිතය ගැන විපක්ෂය සෙවීම සැබවින්ම විහිළුවක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අගමැතිවරිය පෙන්වා දෙන්නේ ඇමතිවරුන් සියලු දෙනා අමාත්‍යංශවලින් වාහන ලබා ගෙන ඇති බවයි.

පරිසරයට අවම හානියක් සිදුකරන ඉහළ ඉන්ධන පිරිමැස්මක් සහිත වාහන තෝරා ගැනීමට ඇමතිවරු ගිය ද එහි තිබුණේ v 8, බෙන්ස්, BMW වැනි සුපිරි වාහන බව ද ඇය සඳහන් කරයි.

තමන් පදින පුද්ගලික වාහනවල තත්ත්වය පිළිබඳ විපක්ෂයට ඊර්ෂ්‍යාවක් ඇත්නම් තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ද හරිනි අමරසූරිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඊයේ (23) චාමර සම්පත් අමරසූරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුව අමතමින් අගමැතිනිය මේ බව කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *