එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි එක්විය යුතු බවට රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ඉදිරිපත් කළ යෝජනාව සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අවසානයේ පක්ෂ දෙක යළි එක් වෙනවා වෙනුවට පුළුල් පෙරමුණක් යටතේ ඉදිරි මැතිවරණවලට තරග කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය සහ සමඟ ජන බලවේගය යළි ඒකාබද්ධ කිරීම සම්බන්ධව දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර ඊයේ (21) රාත්‍රියේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී පක්ෂ දෙක එක්ව මැතිවරණ වලට ඉදිරිපත් වූයේ නම් එම ඡන්ද ප්‍රතිඵල මීට වඩා වෙනස්වීමට ඉඩ තිබූ බවත් ඒ වැරැද්ද යළිත් සිදු නොවන ආකාරයට පක්ෂ දෙක සමගිව ඉදිරියට යා යුතු බවත් මෙහිදී දෙපාර්ශවයේම අවධාරණය කර ඇත.
ඒ අනුව ඉදිරි මැතිවරණවලට පොදු පෙරමුණක් යටතේ මුහුණ දීමට අදාළ පියවර ගත යුතු බවත් ඒ සඳහා එකඟතාවට පැමිණීම සම්බන්ධව යළි දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් අද (22) සවස පැවැත්වීමට නියමිතව ඇත