හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිත කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කර ගැනීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට (20) බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතය.
එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.