දකුණු පළාතේ රතු සහල් පිළිබඳ ප්‍රශ්නයක් ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
එහෙත් හවස පහෙන් පසු වෙළඳපොළේ රතු සහල් ඇති බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
ඒ වන විට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සේවය නිමවා ගොස් ඇති බව ද ඔහු සඳහන් කරයි.
රජයේ වී ගබඩාවලට වී ලබා දෙන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටි ඇමැතිවරයා එම වී සඳහා රජයේ සහතික මිලට අමතරව රු. 2 බැගින් ගෙවන බව ද කීය.