රටේ රතු හාල් නැති කළේ රනිල්…! – වසන්ත සමරසිංහ…

January 9, 2025 at 10:02 am | by emanisa.lk

රතු සහල් හිඟයට හේතු වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය සමයේ දී සිදු කළ සහල් බෙදීම බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ එවක ආණ්ඩු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රතු සහල් කිලෝ 20 බැඟින් ජනතාවට බෙදා දුන් බවයි.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) හෙතෙම මේ බව පැවසීය.

දකුණේ ජනතාවට කෑමට රතු සහල් නොමැති බවත් සහල් මාෆියාවක් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මකව ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක කළ චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *