සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පත් කළේ පනතට අනුව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක පවසයි.
“සබරගමුව සමන් දේවායේ තනතුරු 2023 ජුලි මාසයෙන් අවසන් වුණා. පනත ප්‍රකාරව බස්නායක නිලමේ තනතුර සඳහා නැවත වසරක්, දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කළ හැකියි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා හිටපු බස්නායක නිලමේවරයාගේ කාලය වසරකට දීර්ඝ කළා.
ජනපතිවරයාට තවත් වසරක් සඳහා මෙම තනතුර දීර්ඝ කළ හැකියි. ඒ අනුව පැවති මැතිවරණ කාලසීමාව නිසා තවත් මාස 6කට බස්නායක නිලමේ තනතුරු දීර්ඝ කළා.
පසුගිය දෙසැම්බර් මාසයේ එම තනතුර අවසන් වුණා. ජනපතිවරයාට දීර්ඝ කරන්න පුළුවන් දෙවතාවක් පමණයි. පනත ප්‍රකාරව දෙවතාවකට වඩා දීර්ඝ කරන්න බැහැ.”
ඔහු මේ බව සඳහන් කළේ, සබරගමුව මහ සමන් දේවාලයේ භාරකාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (06) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
වැඩ බැලීමට බස්නායක නිලමේවරයෙකු පත් කළ ආකාරයට විරෝධය පා සබරගමුව මහ සමන් දේවාලයේ ඇතුල් කට්ටලයේ කපු මහත්වරු හා පිට කට්ටලයේ මොහෙට්ටාලවරු ඊයේ (05) රාජකාරිවලින් ඉවත්විය.