වැඩබැරි දේශපාලකයෝ රටට වැඩ කරන අපට මාෆියාකාරයෝ කියනවා…! – ඩඩ්ලි සිරිසේන…

January 6, 2025 at 2:52 pm | by emanisa.lk

වැඩ බැරි දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සිය වැරදි වහගැනීම සඳහා තමන් වැනි ස්වොත්සාහයෙන් ගොඩනැගුනු මිනිසුන්ට නොයෙකුත් කතා අහගැනීමට සිදුව ඇතැයි අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

“එදා ඉඳන්ම වැඩ බැරි දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගෙ වැරදි අඩුපාඩු වහගන්න අපි වගේ ස්වෝත්සාහයෙන් ගොඩනැඟුණු මිනිස්සු නොයෙකුත් විදියෙ කතා අහගත්තා.

ලෝකෙන්ම ලොකුම වී සයිලෝ ගබඩා පහසුකම තියන වී මෝල රටට දායාද කරලත්, ‘මාෆියාකාරයා’ කියන ලේබල් එක අලවගෙන, රට වෙනුවෙන් වැඩ කරන එකේ තෘප්තිය මම නොඅඩුවම වින්දා.

ඒත්, මම අද වගේම හෙටටත් රට වෙනුවෙන් වැඩ කරනවා. රට වෙනුවෙන් ආයෝජනය කරනවා. මොකද මම සහ මගේ පුත් දිමිත්‍ර ඇතුළු කණ්ඩායමට මේ රටට දෙයක් කරන්න ඕන කියන අවංක උණ තවමත් තියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *