රජය සතු වී ගබඩා 350ක්, සතොස සහ සමුපකාර යොදා ගෙන ඉදිරි යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් රජය මිලට ගැනීමට බලාපොරොත්තු වන කෘෂි කර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.
එසේම කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට සහන පොළියට ණය ලබා දෙමින් ඔවුන් ද වී මිල දී ගැනීමට යොමු කරවන බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඒ සමගම ගොවියාට වී සඳහා සාධාරණ මිලක් සහතික මිල ලෙස නියම කරන බව ද ඇමතිවරයා සඳහන් කරයි.
පොහොර සහනාධාරය ලබා දීමේ ප්‍රමාදයට හේතු ආණ්ඩුව අවබෝධ කරගෙන ඇති අතර ඉදිරියේ දී එම ප්‍රශ්නය ද නිට්ඨාවට සුව කරන බවත් ඉදිරි යළ කන්නය වන විට කිසිදු ප්‍රශ්නයක් ඉතිරි නොකර බවත් නාමල් කරුණාරත්න අවධාණය කරයි.